කාලයක් ආදරේ කරපු කෙනෙක් පස්සෙ කාලෙක දැක්කොත් මොනවද කරන්න පුලුවන් දේවල්
1. මග ඇරලා යන්න එපා සමහර වෙලාවට එයා ඉන්නේ තනියෙන් නොවෙන්න පුලුවන්. අලුත් බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එයත් එක්ක ඉන්න පුලුවන්. එහෙම වෙලාවක ඒ මනුස්සයව ඉග්නෝර් කරලා පරණ කොල්ලා/කෙල්ල එක්ක කතා කරන්න යන්න එපා. බොහොම සුහදව ඒ කෙනාටත් අතට අත දීලා දැන අඳුනගන්න. හැබැයි එකක්. පැනලා කියන්න යන්න එපා “මම තමයි මෙයත් එක්ක ඉස්සර යාලු වෙලා හිටියේ” කියලා එහෙම. ඒ අඳුන්වාදීම පරණ කොල්ලට/කෙල්ලට කරන්න ඉඩ දෙන්න. මොකද අපි දන්නෙ නැහැනේ මේ සම්බන්ධතාවය ඇතුළේ තියෙන තත්ත්වේ මොකක්ද කියලා. ඉතින් අපි කාලෙකට පස්සේ මුණගැහිලා ඒක සම්බන්ධෙ කඩාකප්පල් කරන්න ඕන නෑනේ. අන්න ඒ නිසා එයා බැරිවෙලාවත් “මේ මගේ යාලුවෙක්” වගේ දෙයක් කියලා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට/ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අඳුන්වලා දුන්නොත් ඒ විදියටම ඇට් කරන්න. මොකද ඔය පොඩි බොරුවට අපායෙ යන්නෙ නෑනේ. 3. තමන් ඉන්නේ කා එක්කද කියලත් මතක තියාගන්න පරණ කොල්ලා නැතිනම් කෙල්ල තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නවා වගේම අපිත් ඔය වෙලාවට කවුරු එක්ක ඉඳීවිද කියන්න බැහැනේ. සමහර වෙලාවට අපේ බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔතන ඉන්නවා වෙන්න පුලුවන්. දැන් පොඩ්ඩක් හිතලා බ...