කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා යන්නේ මෙන්න මේ කරුණු හින්දා තමයි
1. ඕනවට වැඩි සැකේ
මෙන්න මේක ගෑල්ලමයි කරන බොහොම කොමන් මිස්ටේක් එකක්. ගොඩක් වෙලාවට පොසෙසිව් ගෑල්ලමයි තමයි මේ වැරැද්ද කරන්නේ. හේතුවක් නැතුවත් තමන්ගේ කොල්ලව සැක කරන එකත් එක්ක සිද්ධ වෙන්නේ කෙල්ල නැති දේවල් හිතින් මවා ගැනීම. ඉන් පස්සේ ඒවලටත් එක්ක වලි දාගන්නවා. වලි ෂේප් කරන්න කොල්ලා ඉවසන කොට කියනවා අනිවා මොකක් හරි හොරයක් තියෙන නිසා තමයි පූසා වගේ ඉන්නෙ කියලා. වලි දාගන්න එක තිත්ත වුණහම කොල්ලා පැත්ත ගහලා හිටියම අර හිතේ තියෙන සැකේ මේ ගෑල්ලමයි කන්ෆර්ම් කරගන්නවා, වෙන සීන් එකක් තියෙන නිසා මෙයා වෙනස් වෙලා කියලා. අන්තිමට කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරි තැන කොල්ලා යන්න ගියහම ඌට බණිනවා වෙන සීන් එකක් නිසා තමයි මාව දාලා ගියේ කියලා. කාට කියන්නද දොරේ මෙව්වා!
2. කොල්ලව පාලනේ කරන්න යෑම
සමහර කෙල්ලෝ ඉන්නවා, කොල්ලෙක් සෙට් වුනහම හිතන්නේ ඌ තමන්ගේ තනිසම්බුද්දියේ ලියව ගෙන ඉන්නෙ කියලා. ඉතින් එතන ඉඳන් ට්‍රයි කරන්නේ කොල්ලව කොන්ට්‍රෝල් කරන්න. ඒකට ඇඬීම්, වැළපීම්, තර්ජන, ගර්ජන, මයින්ඩ් ට්‍රික්ස්, ඉමෝෂනල් බ්ලැක්මේල් ඔය වගේ මෙකී නොකී සිස්ටම් මේ විදියේ කෙල්ලෝ පාවිච්චි කරනවා. මේ වගේ කෙල්ලෙක් එක්ක පවුල් කන කොල්ලෙක්ට තමන්ගේ පවුලේ මිනිස්සු ගැන බලන්න වෙන්නෙ නෑ. යාලු මිත්‍රයෝ ආස්සරේ කරන්න වෙන්නෙ නෑ. තියෙන්නේ කෙල්ල වටේ කැරකි කැරකි කෙල්ල කියන දෙයක් කරගෙන ඉන්න තමා. ඕක උහුලන්න බැරි තැන කොල්ලා යනවා තමන්ගෙ නිදහස හොයාගෙන!
3. කොල්ලව බල්ලට දැමීම
ඕන පිරිමියෙක් ගාව ආඩම්බරයක් තියෙනවනේ. ඒ කියන්නේ සද්දේ උස්සලා වචනයක් නොකියන ටයිප් අහිංසක හරි නෝංජල් හරි පිරිමියෙක්ට වුනත් යම් කිසි ආඩම්බරයක් තියෙනවා. දැන් මේ ටයිප් එකේ කෙල්ලෝ කරන්නේම කොල්ලව බල්ලා මාක් එකට දාන එක. ඒ කියන්නේ මොන දේ කලත් හොඳක් නෑ. කෙල්ල වෙනුවෙන් ලෙවකාගෙන හිටියත් නෝක්කඩු මිසක් ප්‍රශංසාවක් නෑ. කොල්ලා ජීවිතේ මොනවා දිනුවත් කෙල්ලට මදි. කොල්ලා ගැන ඉන්න තැන කතා කලත්, නැති තැන කතා කලත් කෙල්ලට කියන්න තියෙන්නේ අඩුපාඩු මිසක් හොඳක් නෙවෙයි. ඉතින් ඔහොම කෙල්ලෙක් එක්ක සාමාන්‍යයෙන් තමන් ගැන ගර්වයක් තියෙන කොල්ලෙක් නං සති දෙකකට වඩා අල්ලගෙන ඉන්න එකක් නෑ. අහිංසකම කොල්ලෙක් ඕන නං ටිකක් කල් ඉඳලා, තවත් ඉන්න බැරි වුනහම ඌත් යන්න යයි.
4. කොල්ලට වඩා මුලු ලෝකෙටම තැන දීම
මෙතනදී ඇත්තටම කියන්නේ කොල්ලව පාච්චල් කිරීමක් නෙවෙයි. හැබැයි යාලුවෝ, ගෙදර අය, නෑදෑයෝ, අසල්වාසියෝ වගේ හැමෝම, කොටින්ම කිව්වොත් සමස්ත සමාජේම කියන විදියට ජීවත් වෙන කෙල්ලෝ ටයිප් එකක් ගැන තමයි මේ කියන්නේ. මේ කට්ටියට තමන්ගේ කොල්ලා ගැන යාලුවෙක් කිව්වොත් “එයා ලස්සන මදිනෙ අනේ” කියලා, එදා ඉඳන් කෙල්ලට මූව පේන්නෙත් ලස්සන නෑ කියලා. “ඔය ළමයගෙ පඩියෙන් දෙන්නට ඉන්න පුලුවන් වෙයිද” කියලා අල්ලපු ගෙදර නැන්දා කිව්ව දවසේ ඉඳන් කොල්ලත් එක්ක රණ්ඩු, ඔය පොඩි කොම්පැණිය දාලා ලොකු පෝස්ට් එකකට යන්න කියලා. ඉතින් ඔහොම හැමෝම කියන කියන දේ ඔලුවට දාගෙන, ඒ ඒ කණ්ණාඩි වලින් කොල්ලා දිහා බලන කෙල්ලෙක්ව ආත්ම ගෞරවයක් තියෙන කොල්ලෙක්ට එපා නූනොත් තමයි පුදුමේ!
5. ඕනෑවටත් වඩා ස්වාධීන වීම
ගැහැණියක් ස්වාධීන වෙනවයි කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. අපි කියන්නෙත් ගැහැණියක් තමුන්ගේ කොල්ලා මතම යැපෙන්නේ නැති ස්වාධීන චරිතයක් වෙන්න ඕන කියලා තමයි. හැබැයි සමහර ගෑල්ලමයි ඉන්නවා ඔය ස්වාධීන කම ඕවර්ඩෝස් වෙනවා. සමහර වෙලාවට ඒ අය ඕක සාධාරණීකරණය කරන්න පුලුවන් ඒ අය මාර ස්ත්රීවාදියෝ කියලා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි ගෑල්ලමයෙක් ඕනෑවට වඩා ස්වාධීන වෙනවා නං ඒ අය රිලේෂන්ෂිප් වලට නොයා ඉන්න එක හොඳයි කියන එක. ඇයි ඒ? එහෙම අය එක්ක ඉන්නකොට කොල්ලෙක්ට දැනෙන්නෙ නෑ කොල්ලා ඒ ගෑල්ලමයගේ ජීවිතේට සම්බන්ධ කෙනෙක් කියලා. ගෑල්ලමයෙක් කරන කියන හැමදේම කොල්ලට කියලා අවසර ගන්න ඕන නෑ. හැබැයි ෂෙයාරින් කියන එක ඕනනේ. ඉතින් ඔය විදියට තමන්ව නමට කොල්ලා විදියට තියාගෙන ඉන්නවා කියන එක ඉවසන්න බැරි තැන කොල්ලා යන්න යනවා.
6. පරණ ජීවිතේ මිසක් අනාගතයක් නැති වීම
දැන් සමහර ගෑල්ලමයි ඉන්නවා අතීතේ නැතිවුණු ලව් එක ගැන කොච්චරවාත් අඬාගත්තු ගමන්, දුක් පෝස්ට් ෆේස්බුක් එකේ ෂෙයාර් කරගත්තු ගමන් ඉන්න. අපි කොල්ලන්ට කොහොමත් කියන්නේ ඒ වගේ ගෑල්ලමයෙක් එක්ක ඉවසිලිවන්තව කටයුතු කරලා එයාගේ හිත හදලා, එයාට වර්තමානෙට එන්න උදවු කරන්න කියලනේ. හැබැයි ඕක කොච්චර කලත් වැඩක් නැති ගෑල්ලමයි ඉන්නවා. ඒ කියන්නේ අතීතේ තමන්ට නැතිවුණු ලව් එකක් ගැන හිත හිතා, අනාගතේ තමන් එක්ක ලඟින් ඉන්නවා කියලා එක් හිත් හිතාගෙන ඉන්න කොල්ලව පේන්නේ නැති ගෑල්ලමයි ගැන මේ කියන්නේ. අර හිතේ අඩුව පුරවන්න අලුත් කොල්ලා එක්ක යාලු වුනත්, ඇත්තටම අලුත් කොල්ලා කරන ලව් එකක් මෙහෙම ගෑල්ලමයෙක්ට පේන්නෙවත් නෑ. ඉතින් කොල්ලා ට්‍රයි කරලා ට්‍රයි කරලා මොන මගුලක්ද කියලා හිතුණු දවසට යන්න යනවා. අර කෙල්ලට වෙන්නේ සදාකල් අර පරණ ආදරේ මතක් කර කර ඉන්න තමයි.
7. අනාරක්ෂිත හැඟීම් එක්ක එන ඉරිසියාව
මෙන්න මේක ඇත්තටම බොහොම දුක හිතෙන තත්ත්වයක්. ඇයි එහෙම කියන්නේ? දැන් කෙල්ලෙක්ට අනාරක්ෂිත හැඟීම් ඇතිවෙන්නේ ඇත්තටම කොල්ලට තියෙන ආදරේ හින්දනේ. ඒ කියන්නේ ආදරේ නිසාම කෙල්ලට හිතෙනවා මොකක් හරි වෙලා එයා මාව දාලා යයි කියලා. දැන් කොල්ලා එහෙම දාලා යන්න තුන් හිතකින් වත් හිතලා නෑ. හැබැයි ඔය අනාරක්ෂිත හැඟීම් එක්කම එනවා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් එලියට පනින ඉරිසියාව. ඒ කියන්නේ පරණ යාලු ගෑල්ලමයෙක් අහම්බෙන් මුණගැහිලා කතා කරලා ආවත් ඒකම ඇති කෙල්ලට ඉරිසියා හිතිලා ෆුල් අප්සෙට් යන්න. දැන් ඕක එක එක විදියට එලියට එන්න පුලුවන්. එක්කෝ වලි. එක්කෝ කොල්ලව ගණන් ගන්නෙ නැතුව ඉන්නවා. එක්කෝ ෆුල් දුක් මූඩ් එකේ ඉන්නවා. දැන් ඔය වගේ එක සිදුවීමක් දෙකක් තුනක් වුනාට කොල්ලෙක් දාලා යන්නෙ නෑ. කොහොමහරි ෂේප් කරගන්න හදන්නේ. හැබැයි වැඩේ සතියට දවස් පහක් මෙහෙම කොල්ලා දාලා යයි කියලා මෙලෝ රහක් නැති සීන් එකකට ඉරිසියා වෙලා, දුක් වෙලා ඉන්න ගියහම මොකද වෙන්නේ? එක දවසක අර කෙල්ල මෙච්චර කල් බය වුණු දේම සිද්ධ වෙනවා. මෙතන ෂේප්මන්ට් දානවා මිසක් ලව් කරන්න ඉඩක් නැහැයි කියලා තේරුම් ගන්න කොල්ලා තමන් යන අතක් බලාගෙන යන්න යනවා.පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත
Digital currency exchangers
Comments
Post a Comment