බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හැටියට ඔයා අතිනුත් නොදැනුවත්වම මේ අඩුපාඩුකම් 7 සිද්ධ වෙනවද?

1. බොන බොරුව



මේක තමයි කොල්ලො කරන ලොකුම වරද. ඒ තමයි බොද්දි බොරු කියන එක. මෙතනදි ඉතිං කෙල්ලොන්ගෙත් වරදක් තියෙනවා. ඒ තමයි තමුන්ගෙ කොල්ලට එක එක තහංචි දාන එක. ඉතිං දැන් යාලුවොත් එක්ක හිත සන්තෝසෙන් අඩියක් ගහල එන කොල්ලට ඔය තහංචිය දැම්මම කොල්ලා බොරුවක් කියල යන්න හුරු වෙනවා. ඒ මදිවට ඔය ප්‍රැක්ටිස් කරපු බොරුව හැම තැනටම කියන්න පුරුදුත් වෙනවා.

2. ලස්සන ගෑණු



කොල්ලො ඉතිං එක හදකට පෙම් කරගෙන ඉන්නව තමයි. හැබැයි එතනදි එක ඇඟකටත් පෙම් කරනවා වගේ සීන් එහෙකට එන්නෙ බොහොම කළාතුරකින්. ඒ නිසා කොල්ලො හොර කොටු නොපැන්නත් ලස්සන කෙල්ලෙක් දැක්කොත් බලනව, හිනාවෙනව, පොරවෙන්න උත්සාහ කරනව වගේ දේවල් කරනවා. ඒක ඉතිං හිතේ පාලනයක් නැති කම. අන්න ඒ නිසා ඒක වරදක්.

3. අමතක කතා



මේ තමයි ගෑණු ළමයින්ට වැඩිපුරම කේන්ති යන්න කොල්ලො කරන වරද. ඒ තමයි අමතක වීම්. කෙල්ලගෙ බර්ත් ඩේ එක මතක නෑ. ලවු ඇනිවසරිය මතක නෑ, මුලින්ම ගිය තැන මතක නෑ, මුලින්ම කිස් කරපු දවස මතක නෑ, හැබැයි කෙල්ලන්ටනං ඕව නියමෙට මතකයි වගේම කෙල්ලො ඕවයෙ මතක සිහිවටනත් තමුන්ගෙ ලඟ තියාගෙන ඉන්නෙ. ඉතින් කේන්ති යන එක පුදුමයක් නෙමෙයිනෙ.

4. වැඩ වැඩ වැඩ



සාමාන්‍යයෙන් තමුන්ගෙ පෙම්වතා වෙනුවෙන් කෙල්ලො රැකියාව පැත්තෙන් කරන කැපකිරීම් වැඩියි. එයාලා ගාණට වෙලාවට වැඩ ඉවර කරලා, ඉවර කරගන්න බැරිවුනත් ලොක්කට හිනාවක් දාලා ෂේප්මන්ට් එකක් දාගෙන ගාණට කොල්ලව හම්බෙන්න එනවා. හැබැයි ඉතිං කොල්ලන්ට ඒ සෙල්ලං බෑ. උන් වැඩ වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. ඒ වගේම ලොක්කට හිනාවක් දැම්ම කියල කොල්ලොන්ට ෂේප් එකක් ලැබෙන්නෙත් නෑ. අන්න ඒ නිසා වැඩ වල හිරවෙලා කෙල්ල එක්ක ඉන්න ටයිම් එකක් වෙන්කරගන්න අමාරු කොල්ලොන්ට කෙල වෙනවා.

5. කලින් ලවු



ඔන්න මේකත් ලොකු ප්‍රශ්නයක්. කොල්ලොන්ට ඉතිං කෙල්ලොන්ට වගේ මහා ගොඩක් හැඟීම්වලට බර වෙලා වැඩ කරන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා කෙල්ලො වගේ තරහ වුනාම කලින් කොල්ලගෙ පින්තූර ඉරලා, SMS මකලා, සිහිනයෙන් පවා අතුගාලා දාන සීන් එකක් කොල්ලොන්ගෙන් වෙන්නෙ නෑ. මේ හින්දා කොල්ලොන්ගෙ ෆෝන්වල කලින් කෙල්ලො සම්බන්ධ එක එක සිදුවීම් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒකට ඉතිං කෙල්ලොන්ට කේන්ති යනව තමයි. මොකද ඒක වරදක්නෙ.

6. යාලුවොන්වයි විශ්වාස


ඔන්න අනිත් ප්‍රශ්නෙ. හුඟක් කොල්ලන්ට ඉතිං තමුන්ගෙ කෙල්ලට වඩා යාලුවන්ව තමයි ලොකු. උන්ව තමයි විශ්වාස. උන් එක්ක තමයි රහස් කියන්නෙ. උන් එක්ක තමයි ගමන් යන්නෙ. උන් එක්ක තමයි වැඩිපුර ඉන්නෙ. කොල්ලො දන්නව කෙල්ලට වඩා කොල්ලා ගැන දේවල්. මෙන්න මේ හේතුව නිසාත් කෙල්ලට ටිකක් තරහා යනවා. මොනව වුනත් ආදරේ කරද්දි කෙල්ලො පොඩ්ඩක් විතර හිමිකරගැනීමකටත් කර ගහනවනෙ. කොල්ලන්ට ඉතිං ඕව අදාළම නැති වෙන එකනං වරදක් තමයි.


7. කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ



ඔන්න ඉතිං ඉඳලා ඉඳලා දවසක කොල්ලා එනව කෙල්ලව බැහැදකින්න. කෙල්ලත් ඉතිං පෙරුම්පුරාගෙන ඉන්නෙ කොල්ලට විස්තර ඕපදූප ටික කියන්න. ආපු වෙලාවෙ ඉඳන් ඉතිං කෙල්ල තොරතෝංචියක් නැතුව කියවනවා. කොල්ලට අන්ද මන්ද වගේ. හැබැයි කෙල්ලට තේරෙනව කොල්ල අන්දමන්ද වෙලා ඉන්නෙ තමුන්ගෙ කතාවෙන් නෙමෙයි කියල. බලද්දි මූ හිත හිත ඉන්නෙ ඉන්දියන් ටුවර් එකේ ෆයිනල් ඩිසිෂන් එක මොනව වෙයිද කියල, හෙට ඔෆිස් වැඩ ටික අනිද්දට කල් දාගන්න පුළුවන්ද කියල වගේ දේවල්. ඒ අස්සෙ ෆෝන් එකෙන් හොරාට ෆේස්බුක් එකේ. ඉතිං මේ වගේ වැඩ කරාම කෙල්ලට අප්සට් යන්නෙ නැද්ද මචං.
පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත 

Digital currency exchangers

Comments

Popular posts from this blog

කෙල්ලෝ හැමදාම පන වගේ ආදරය කරන කොල්ලන් වර්ග

තනිකඩ කොල්ලන්ට කෙල්ලන්ට විතරක් දැනෙන, තනිකඩ ජීවිතේ තියෙන දුක සහ සැප

කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා යන්නේ මෙන්න මේ කරුණු හින්දා තමයි