ආදරය කරන කෙනාගෙ පළමු හමුවීමේදී එයා එක්ක මේ දේවල් නම් කියන්න තියා හිතන්නවත් එපා

1. කලින් ලවු කරපු කෙනා ගැන



බුදාම්බෝ ඔන්න මේකනං කතා කරන්න හොඳම නැති දෙයක්. අපි ආයෙත් ආදර කතාවකට අතගහන්නෙ මුලින් කතා ටික හිතින් අමතක කරලනෙ. ඒ හින්දා මේ ආදරේට මුල්ම පියවර තියන වෙලාවෙ ඒ ගැන කතා කරන්න එපා. එතකොට එයාට හිතේවි ඔයා තාමත් එයා ගැන හිත හිත ඉන්නවා වගේම, දෙන්නගෙ ආදර කතාව ඉස්සරහට යද්දිත් කලින් කෙනා බාධාවක් විදියට ඒවි කියලා. ඒ හින්දා විවෘත විදියට අදහස් පළ කරන එක ටිකක් පස්සට දැම්මනං හොඳයි.

2. සෙක්ස්



මේකත් එහෙමයි. තමුන් සෙක්ස් ගැන හිතන්නෙ මොනවද? තමුන් සෙක්ස් කියන දේට විවෘතද? නැද්ද? කලින් සෙක්ෂුවල් අත්දැකීම් කොහොමද? වගේ දේවල් කතා නොකර ඉන්නවනම් හොඳයි. දැන් ඉතිං පිටරටවල කොහොම සිද්ධ වුනත් අපි ආදර සම්බන්ධයක් ගැන හිතන්නෙ ඇඳටම මාස දෙකක් විතර දියවුනාට පස්සෙ නෙමෙයිනෙ. ඒ නිසා ඩෝං ගාලා සෙක්ස් ගැන කතා කරාම අනිත් කෙනාට හිතෙන්න පුළුවන් මෙයා පුදුම සෙක්ස් ඇරියස් එකකනෙ ඉන්නෙ කියල. එහෙම චිත්‍රයක් මුල්ම දවසෙ මැවෙන එකනං එච්චර හොඳ නැහැ.

3. කසාද පළහිලවු



ඔන්න මේ ගැනත් හිතන්න ඕන. ලංකාවෙ කට්ටිය ලවු කරද්දිම හිතන දෙයක් තමයි කසාදෙ කියන්නෙ. සමහරු ලවු කරන්න පටන්ගන්නෙත් හඳහන් බලලා, අම්මලාට කියල ඉවර වෙලායි. ඒවුනත් මුලින්ම දැනගන්න ඕන කෙනෙක්ගෙ හඳහන්වත්, දෙමාපියන්වත් නෙමෙයි ගැලපෙන්න ඕන, ඒ කෙනාවයි කියලා. අන්න ඒ නිසා දෙන්නත් එක්ක කතා බහකරන්න සෙට්වෙන මුල්ම දවසෙ අපෙ අම්මනං කැමති මේ වගේ කෙනෙක්ව කසාද බඳිනවට වගේ කසාද ටෝක් නවත්තලා ඉන්න.

4. අපේ පවුලෙ දේශපාලන මත



දේශපාලනේ කියන්නෙ නං ඇත්තටම ස්වාධීන මතයක්. කාවවත් බැන්දා කියලවත් කාගෙවත් දරුවෙක් වුනා කියලවත් තමුන්ගේ දේශපාලන මතය කෙනෙක් මත රඳා පවතින්න ඕන නෑ. අන්න ඒකට ගරු කරන්න. ඒ නිසා අනෙකාගෙ දේශපාලනය ගැන හෝ තමුන්ගෙ දේශපාලනය ගැන පළමු මුණගැහීමෙදි කතා නොකර ඉන්න. එහෙම නැත්තං තමුන් නිකංම නිකං බොරුවට දේශපාලන පක්ෂවල එල්ලිලා ඉන්න කෙනෙක් කියලා එයාගෙ ඔලුවට යාවි. ඒ වගේම එයාගෙ නිදහස් මතයට බලපෑමක් එල්ලවෙනවා කියල එයාට හිතෙන්නත් පුළුවන්. මේ නිසා දේශපාලනේ ගැනනං කතා නොකර ඉන්න තරමටම හොඳයි.

5. ගෙදර ප්‍රශ්න



ඇත්තටම මුල්ම දවසෙ කතා නොකරන්න ඕන දෙයක් තමයි තමුන්ගෙ ගෙදර ප්‍රශ්න. ආදරය කරන්න දෙන්නට දෙන්න ඇරෙන්න වෙනිං කිසිම දෙයක් අදාළ නැති වුනත් මුල්ම දවසෙ මේ විදියට දිගින් දිගටම ගෙදර ප්‍රශ්න කියව කියව ඉන්නවනං ආදරය කරන්න එන අනෙකාට හිතෙන්න පුළුවන් මම අත ගහන්න යන්නෙ ප්‍රශ්න ‍‍ගොඩකට නේද කියලා. ඒ නිසා අපේ තාත්තානං මෙහෙමයි, අයියා හරිම සැරයි, අම්මයි තාත්තයි තරහයි, මාව බන්දලා ඉක්මනට අයින් කරන්න හදන්නෙ, ගිය සතියෙත් මගේ දෑවැදි ප්‍රශ්නෙකට රණ්ඩු වුනා වගේ දේවල් කියන්න හොඳ නැහැ.

6. බලපුළුවන්කාරකම්



ඇත්තටම සමහරු තමුන් සහ තමුන්ගෙ පවුල් පසුබිම් ගැන ටිකක් ඔලුවෙන් ඉන්නවනෙ. තමුන් එහෙම ඔලුවෙන් හිටියට අනුන්ට ඒක අදාළම නෑ, ඒ නිසා තමුන්ගෙ ෆස්ට් ඩේට් එක දවසෙ අපේ තාත්ති මිනිස්ටර්ගෙ දකුණු අත වගේ, අයියට තියෙන්නෙ ලැම්බොගිනියක්, අක්ක මැරි කළේ නවසීලන්තෙ හරක් පට්ටියක් තියෙන එකෙක්ව වගේ ටෝක් දෙන්න එපා. ඒකෙන් අනිත් කෙනාට ආපෝ කියල හිතෙන්න පුළුවන්. ඇයි ඉතිං මුල්ම දවසෙ මෙහෙම නං මට ඉස්සරහ කාලෙ ඔය ලැම්බොගිනියට යට වෙලාම ඉන්න සිද්ධ වෙයි කියල හිතෙන්න ඉඩ තියෙනවනෙ.

7. අපේ අනාගතේ



මේකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි. දෙන්නම හරි ට්‍රැක් එකකට වැටෙනකං ජීවිතේට ඔහේ පාවෙලා යන්න දෙන එක තමයි හොඳ. එහෙම නැතුව අපි අවුරුදු විසි අටේදි කාර් එකක් ගමු, අවුරුදු තිහේදි ළමයෙක් හදමු වගේ දේවල් කියන්න හොඳ නැහැ. මුල් කාලෙ හිත්වලට එහෙම බරක් ගන්න හොඳ නැහැ. තමුන් තාමත් කවුද මේ කියල හරියට නොදන්න පුද්ගලයා ගැන දැන අඳුන ගන්න එකයි වැදගත්ම.පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත 
Digital currency exchangers

Comments

Popular posts from this blog

කෙල්ලෝ හැමදාම පන වගේ ආදරය කරන කොල්ලන් වර්ග

තනිකඩ කොල්ලන්ට කෙල්ලන්ට විතරක් දැනෙන, තනිකඩ ජීවිතේ තියෙන දුක සහ සැප

කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා යන්නේ මෙන්න මේ කරුණු හින්දා තමයි