කාලයක් ආදරේ කරපු කෙනෙක් පස්සෙ කාලෙක දැක්කොත් මොනවද කරන්න පුලුවන් දේවල්
1. මග ඇරලා යන්න එපා
සමහර වෙලාවට එයා ඉන්නේ තනියෙන් නොවෙන්න පුලුවන්. අලුත් බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එයත් එක්ක ඉන්න පුලුවන්. එහෙම වෙලාවක ඒ මනුස්සයව ඉග්නෝර් කරලා පරණ කොල්ලා/කෙල්ල එක්ක කතා කරන්න යන්න එපා. බොහොම සුහදව ඒ කෙනාටත් අතට අත දීලා දැන අඳුනගන්න. හැබැයි එකක්. පැනලා කියන්න යන්න එපා “මම තමයි මෙයත් එක්ක ඉස්සර යාලු වෙලා හිටියේ” කියලා එහෙම. ඒ අඳුන්වාදීම පරණ කොල්ලට/කෙල්ලට කරන්න ඉඩ දෙන්න. මොකද අපි දන්නෙ නැහැනේ මේ සම්බන්ධතාවය ඇතුළේ තියෙන තත්ත්වේ මොකක්ද කියලා. ඉතින් අපි කාලෙකට පස්සේ මුණගැහිලා ඒක සම්බන්ධෙ කඩාකප්පල් කරන්න ඕන නෑනේ. අන්න ඒ නිසා එයා බැරිවෙලාවත් “මේ මගේ යාලුවෙක්” වගේ දෙයක් කියලා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට/ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අඳුන්වලා දුන්නොත් ඒ විදියටම ඇට් කරන්න. මොකද ඔය පොඩි බොරුවට අපායෙ යන්නෙ නෑනේ.
3. තමන් ඉන්නේ කා එක්කද කියලත් මතක තියාගන්න
පරණ කොල්ලා නැතිනම් කෙල්ල තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නවා වගේම අපිත් ඔය වෙලාවට කවුරු එක්ක ඉඳීවිද කියන්න බැහැනේ. සමහර වෙලාවට අපේ බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔතන ඉන්නවා වෙන්න පුලුවන්. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මොකද්ද කරන්න සුදුසුම දේ කියලා. පරණ කෙනා ගැන අපේ අලුත් එක්කෙනාට කියලා නං තියෙන්නේ අවුලක් නෑ. නිදහසේ දෙන්නත් එක්කම ගිහින් හලෝ කියන්න පුලුවන්. හැබැයි එහෙම කියලා නැතිනම් අන්න ප්‍රශ්නයක්. එහෙම වුනොත් කරන්න තියෙන සුදුසුම දේ තමයි තමන් පොඩ්ඩක් තනියෙන් එතනට ගිහින් කතා කරලා එන එක. වැරදියි තමයි, ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ අවස්ථාවේ හැටියට!
4. මූඩ් එක බලලා කතා කරන්න
මේ කාරණේ දෙයාකාරයි. අපි කියමුකෝ අපිට හිතේ කිසිම කහටක් නෑ, ඒ හින්දා ගිහිල්ලා පරණ කොල්ලා හෝ කෙල්ල එක්ක කතා කලා කියලා. එයා ඉන්නේ සමහර විට තනියෙන් වෙන්න පුලුවන්. සමහර විට අලුත් කොල්ලා හරි කෙල්ල හරි එක්ක වෙන්න පුලුවන්. දැන් අපි කෙලින්ම රේඩියෝ එක දැම්මා වගේ ඒ කාලේ ධවලගිරියෙන් තෝසෙ කාපු හැටියි, බීච් එකේ සෙල්ලම් බත් ඉව්ව හැටියි ගැන කතා කරන්න යන එක පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. සමහර විට එයා තනියෙන් හිටියත් ඒ තරම් පැල් බැඳගෙන, වාඩි ගහගෙන කතා කරන්න කැමැත්තක් නොදක්වන්න පුලුවන්. ඒකට ඉතින් හේතු තියෙන්න පුලුවන්නේ. අන්න එහෙම වෙලාවක ෂේප් එකේ පස්සෙ හම්බුවෙමු කියලා යන එක තමයි ඇඟට ගුණ. එතකොට අපි කියමු එයා ඉන්නේ අලුත් කොල්ලා හරි කෙල්ල හරි එක්ක කියලා. දැන් එයා අපිත් එක්ක කයියට සෙට් වෙයි. හැබැයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ/ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මූණ හොඳ නැති වෙන්න පුලුවන්. අපි දන්නෙ නෑනේ මොන වගේ අයද කියලා. අන්න ඒ වෙලාවටත් ෂේප් එකේ පස්සෙ හම්බුවෙමු කියලා මාරු වෙන එක හොඳයි.
5. පරණ කතා පරිස්සමෙන්
මෙන්න මේක තරයේ සිහියේ තියාගන්න ඕන දෙයක්. පරණ කතා ඇදලා ගන්න ඕනෙම නෑ. දැන් සමහරුන්ට තියෙනවා මෙහෙම එකක්. පරණ ලව් එක කැඩුනේ එයාගෙ පැත්තෙන් නං කාලයක් ඔලුවට වද දුන්නු දෙයක් තමයි මගේ මොකක්ද තිබුණු අඩුව කියන එක. දැන් කාලෙකට පස්සේ මෙහෙම මුණගැහුනහම හිතෙනවා ඕක වටින් ගොඩින් හරි අහන්න. අන්න ඒවා හොඳ නෑ. එතකොට එක්කෝ වෙන්නේ පරණ කුණු ඇවිස්සිලා ආයෙමත් හිත් නොහොඳ වෙන එක. එහෙම නැත්නම් වෙන්නේ දෙන්නම හරි එක්කෙනෙක් හරි අපහසුතාවයට පත් වෙන එක. ඒ හින්දා කතා කිරිල්ල පරිස්සමෙන් කරන්න ඕන. පුලුවන් තරම් වර්තමානයේම කතාව රඳවලා තියාගන්න එක හොඳයි.
6. අපි ආයෙ මුණගැහෙමුද?
මේක ගැන ඉතින් අපිට හොඳද නරකද කියන්න බෑ. මොකද අපි කියන්නෙත් තරහ වෙලා වෙන් වුනත් දැන් යාලු ෆිට් එකේ ඉන්න පුලුවන් නම් හොඳයි කියලනේ. මොකද අපි හැමෝම මිනිස්සු. ඉන්න ටිකේ හිත සතුටින් හිනාවෙලා ඉන්න පුලුවන් නම් එච්චරයි. අන්න ඒ නිසා එහෙම යාලුෆිට් එකක් තියාගන්න ඉඩක් තියේ නම් ටෙලිෆෝන් නම්බර්ස් හුවමාරු කරගෙන, ෆේස්බුක් එකේ අන්බ්ලොක් කරන්න කියලා හිනාවෙලා බලාපොරොත්තු පිට වෙන් වුනාට කමක් නෑ. දෙන්නම තාම තනිකඩ නං, ආයෙමත් ලව් එකක් පටන් ගන්නත් ඉඩක් තියේ නං, පරණ කරපු ගොන්කං දැන් හැදිලා කියලත් ෂුවර් නං ඒත් කමක් නෑ. හැබැයි එකක්,එයාට විතරක් නෙවෙයි තමුන් තමුන්ටමත් අවංක වෙන්න ඕන මොනවද තමන්ට ඇත්තටම මෙතනදී ඕන කියලා. හැබැයි සමහර පරණ ලව් තියෙනවා අපේ ජීවිත නාස්ති කරපු. ඉතින් ඒ වගේ කෙනෙක් ඔහොම හදිසියේ මුණගැහුනොත් තරහ අමතක කරලා කතා කළාට කමක් නෑ. හැබැයි ආයෙමත් ජීවිතේට ලං කර ගන්නෙ නැතුව ඉන්න තරමට හොඳයි.
7. එයත් මනුස්සයෙක්, මාත් මනුස්සයෙක්
සමහර වෙලාවට වෙන්න පුලුවන් දෙයක් තමයි ඔය අතීතයේ තිබුණු අනුරාගී බැඳීම් උඩට එන එක. ඒ කියන්නේ ආයෙමත් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නෙ නැතුව ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් ටයිප් එකට අනුරාගය විතරක් තියෙන දෙයකට යන්න ආස හිතෙන්න පුලුවන්. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනේ. හැබැයි මෙන්න මෙතනදී හොඳට මතක තියාගන්න ඕන පරණ ආදර හැඟීම් පෙන්නලා අනික් කෙනාව පාවිච්චි කරනවා වගේ දේවල් නොකර ඉන්න. මොකද හිත හොඳින් මනුස්සයෙක් එක්ක ඉන්න ඉඩක් තියෙන වෙලාවක ඒ අවස්ථාව ගන්නවා මිසක් අනාගතේ ආයෙමත් හිත් නොහොඳ කරගන්න ඉඩ තියාගන්න හොඳ නෑ.
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය එකක්වත් නොවී කෙල්ල හරි කොල්ලා හරි ගස්සගෙන, පුප්පගෙන ගියොත් හිත රිද්දගන්නත් එපා. මොනවා කළත් ඒක ජීවිතේ ඉවර වෙච්ච චැප්ටර් එකක්නේ. එයා එහෙම යනවා කියන්නේ එයා ඉන්නේ අතීතයේ. ඔයා වර්තමානයේ ජීවත් වෙන්න. එච්චරයි.
පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත
Digital currency exchangers
Digital currency exchange rating
පහත ඇති නිල්පාට ලින්ක් ඒක හා කොටුව ක්ලික් කරන්න.ඔබට නොමිලේ රුපියල් 10ක රිලෝඩ් එකක් ලැබෙනු ඇත
Go to http://lovetrickslk.blogspot.com/2017/09/blog-post_20.html?m=1
ReplyDeleteClick green ad
After click affilite program
Sign up
Login
And save wallet address
Go to http://lovetrickslk.blogspot.com/2017/09/blog-post_20.html?m=1
ReplyDeleteClick green ad
After click affilite program
Sign up
Login
And save wallet address